Sunday, March 27, 2011

Sinhala DeskCalendar Pro - ඩෙස්ක්ටොප් කැලැන්ඩර් එක



මම කලින් හදපු ඩෙස්ක්ටොප් කැලැන්ඩර් එක මතක ඇති ඩවුන්ලෝඩ් කරගත්ත කට්ටියට. මතක නැති කට්ටියට මෙතනින් බලන්න පුලුවන්. ඒකෙ අඩුපාඩු කියපු, හොඳ-නරක කියපු, ප්‍රසංසා කරපු හැමෝටම ස්තුතියි.

දැන් මම හඳුන්වලා දෙන්න යන්නෙ, වැඩි දියුණු කරල හැමෝටම වගේ ගොඩක් ප්‍රයෝජනවත් විදියට වෙනස් කරපු අලුත්ම සංස්කරණයක්.


මේ කැලැන්ඩර් එකේ තියන විශේෂත්වය කලින් ඩවුන්ලෝඩ් කරගෙන පාවිච්චි කරන කට්ටිය දැනටම දන්නවා ඇති. ඒ 2011 වසර පුරාවට තියන නිවාඩු (රජයේ, බැංකු, වෙළඳ) පෙන්නුම් කරන එක.
ඒ ඒ නිවාඩු වර්ගය 1 රූපයේ දක්වලා තියනවා. 


[රූපය විශාල කරන්න ඒ මත ක්ලික් කරන්න]




නිවාඩු රහිත සාමාන්‍ය සතියේ දිනයක් පෙන්නුම් කරන්නෙ මේ විදියට.


මීට අමතරව අලුතින් එක් කරල තියන විශේෂ 'සවිස්තරාත්මක' මෙනුව තමයි මේ පහලින් තියෙන්නෙ. අදාල දවස නිවාඩු දවසක් නම් ඒ නිවාඩුවේ වර්ගය සහ නිවාඩුව ගැන විස්තරයත් පෙන්නන නිසා තමයි 'සවිස්තරාත්මක' කියල කිව්වෙ. 
උදාහරණයක් විදියට 2011-05-18 වෙනිදා පෙන්නුම් කරනවා මේ විදියට.   






අවශ්‍ය නම් අපි කැමති දිනයක් ගැන විශේෂ සටහනක් දාගන්නත් පුලුවන්. මේ මෙනු එකේ පහලින්ම තියන 'NOTES' කියන box එකේ කැමති දෙයක් සටහන් කරන්න හැකියාව තියනවා. 




එහෙම විශේෂ සටහනක් සහිත දිනයක මේ 'Notes indicator' එක activate වෙලා තියනවා. 


අමතක නොවෙන විදියට දෙයක් ලියල තියන්න මේක පාවිච්චි කරන්න පුලුවන්.


ඊට අමතරව මේ About Box එකේ තියන Preferences කැමති ආකාරයට වෙනස් කරගන්න හැකියාව තියනවා.
හොඳ නම් ඩවුන්ලෝඩ් කරගෙන පාවිච්චි කරල බලන්න. අඩු-පාඩු, බග්ස් එහෙම තියනවනම් කියන්න. හොඳ දෙයක් කියල හිතෙනවනම් අදහස් කමෙන්ට් එකක් විදියට දාල යන්න.


මෙන්න මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න:

15 comments:

  1. වැඩේ නම් නියමයි.. සුභ පතනවා..
    පොඩි ඉල්ලීමක් තියනවා.. සවිස්තරාත්මක මෙනුවේ පෙන්වන මාසය තුලද අදාල නිවාඩු දිනයන් සලකුණු කර පෙන්වන්නේනම් ඉතාම වටිනවා.එවිට එම දිනයට ක්ලික් කර විස්තරය කුමක්දැයි බලාගත හැකියි.

    ReplyDelete
  2. බොහොම ස්තුතියි!
    පෝය කවදද කියලවත් දැනගන්න බැරුව හිටියෙ................

    ReplyDelete
  3. @ප්‍රියන්ත කරුණාරත්න:
    ප්‍රතිචාරයට ස්තුතියි.
    ඒ විදියට කරන්න මම උත්සහ කරන්නම්. අදහස ගොඩක් වටිනවා. :)

    ReplyDelete
  4. @සනත්:
    ස්තුතියි.
    අපි හැමෝටම තියන ප්‍රශ්නයක් නෙ ඕක. :D

    ReplyDelete
  5. neyamaii makzaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    ReplyDelete
  6. ඇත්තටම හොඳ වැඩක්. මමත් බා ගත්තා. නියමයි. තවත් මෙවැනි දේ කිරීමට ඔබට ශක්තිය ධෛර්‍යය ලැබේවා !...

    ReplyDelete
  7. කියලා වැඩක් නෑ මේක නියම නිර්මාණයක් ... බොහෝම ස්තූතියි ඔන්න මමත් ඩවුන් ගත්තා

    ReplyDelete
  8. @Ruwan Sampath Wickramathilaka
    බොහොම ස්තුතියි සහෝ..

    ReplyDelete
  9. @Kesa
    බොහොම ස්තුතියි සහෝ. අඩුපාඩු තිබුනොත් කියන්න.

    ReplyDelete
  10. @හිස් අහස
    බොහොම ස්තුතියි සහෝ මේ පැත්තෙ ආවට. අඩුපාඩු තිබුනොත් කියන්න.

    ReplyDelete
  11. Mama EK eken ewwa link ekak.Meya eka publish karala na.meke nama "Kani ge software collection" kiyala wenas karaganna

    ReplyDelete
  12. ඇනෝ:
    මොකද්ද මචන් එවපු ලින්ක් එක. තරහ නැතුව මට ආයෙත් මැසේජ් එකක් දාන්න පුලුවන්ද? මට කවුරුහරි අවසර දුන්නොත් බ්ලොග් එකේ දාන්න, මම ඒක පබ්ලිශ් කරන්න දෙපාරක් හිතන්නෙ නෑ. හැබැයි මචන් මට අවසර නැතිව වෙන අයගේ සොෆ්ට්වෙයා පබ්ලිශ් කරන්න බෑනේ. පුලුවන්නම් මට ඊමේල් එකක් දාන්න.

    ReplyDelete

මේ පිලිබඳව ඔබේ අදහස්...