Sunday, January 30, 2011

Google සිංග්ලිශ්-සිංහල එසැනින් පරිවර්තකය

අපි හැමෝම වගේ මුණ දෙන ගැටලුවක් තමයි නිවැරදිව වගේම වේගයෙන් සිංහල යතුරු ලියනය කරන්න බැරි වීම. මේකට පිලියමක් විදියට තමයි ශ්‍රී ලංකාවෙ කොලඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයන අංශය  'යුනිකෝඩ් එසැනින් පරිවර්තකය'  හදලා තියෙන්නේ. මේ එසැනින් පරිවර්තකය ගැන නම් අද නොදන්න කෙනෙක් නැති තරම්. ඒක නිසා ඒ ගැන කියනවා වෙනුවට මම කියන්න යන්නෙ අපි හැමෝම දන්න ගූග්ල් සමාගම මේ සඳහා හදපු සිංග්ලිශ්-සිංහල එසැනින් පරිවර්තකය ගැන.


පහලින් දක්වලා තියෙන්නෙ අපිට දකින්න ලැබෙන අතුරු මුහුණත.
කොලඹ විශ්ව විද්‍යාලයේ 'යුනිකෝඩ් එසැනින් පරිවර්තකය'  සමග සංසන්දනය කරත්දී මේ පරිවර්තකයේ විශේෂ ලක්ෂණ කීපයක් තියනවා. 


[රූපය විශාල කරගන්න ඒ මත ක්ලික් කරන්න.]

මෙම රූපයේ 1 මගින් දක්වලා තියෙන්නේ අපිට යතුරු ලියනය කරන්න දීලා තියෙන ප්‍රදේශය. අංක 2 මගින් දක්වල තියෙන්නේ Formatting Toolbar එක.
මෙහි යතුරු ලියනය කරත්දි අපි සැලකිලිමත් විය යුතු දෙයක් තියනවා. ඒ අපි යම්කිසි සිංග්ලිශ් වචනයක සිංහල පරිවර්තනය ලබා ගන්න ඒ අදාල සිංග්ලිශ් වචනය සම්පූර්ණයෙන්ම යතුරුලියනය කරන්න අවශ්‍ය වීම. ඒ කියන්නේ මෙහි සිංග්ලිශ්-සිංහල පරිවර්තනය සිද්ධ වෙන්නෙ වචනයෙන් වචනයටයි.
උදාහරණයක් විදියට 'ammaa' කියන වචනයේ සිංහල පරිවර්තනය 'අම්මා' ලෙසම ලබා ගන්න, 'ammaa' සම්පූර්ණයෙන්ම යතුරුලියනය කිරීම අවශ්‍ය වෙනවා.
යම් වචනයක් සිංග්ලිශ් වලින් යතුරුලියනය කරලා අපේ යතුරු පුවරුවේ 'Space bar' එක තද කල සැනින්ම එම වචනයේ සිංහල පරිවර්තනය ලැබෙනවා. 


යම් විදියකට එසේ ලැබුනේ අපි බලාපොරොත්තු වුන පරිවර්තනයම නොවෙයි නම්, 'Backspace key' එක තද කල සැනින්ම අදාල වචනයට තියෙන්න පුලුවන් අනෙකුත් පරිවර්තන ලැයිස්තු ගත කරල පෙන්නන එක මෙහි තියෙන තවත් වැදගත් ලක්ෂණයක්. 
ඒ ලැයිස්තුවෙන් අවශ්‍ය වචනය තෝරා ක්ලික් කිරීම මගින් නිවැරදි පරිවර්තනය ලබාගන්න පුලුවන්.


මීට අමතරව පළමු රූපයේ 2 මගින් දක්වලා තියන එක යතුරුලියනය කරන වචන අපට කැමති ආකාරයකට සකසා ගැනීමට ගොඩක් පහසුකම් සලසනවා. 

කොහොම වුනත් මෙහි ප්‍රධානම අඩුපාඩුවක් තියනවා, ඒ ගූග්ල් එසැනින් පරිවර්තකය භාවිත කරන්න නම් අනිවාර්යයෙන්ම අන්තර්ජාලය සමග සම්බන්ධ වී ඉන්න අවශ්‍ය වීම. ඒ කියන්නෙ මේක Offline භාවිත කරන්න හැකියාවක් නෑ. නමුත් කොලඹ විශ්ව විද්‍යාලයේ 'යුනිකෝඩ් එසැනින් පරිවර්තකය' අපිට අවශ්‍ය නම් Offline වුනත් භාවිත කරන්න පුලුවන්. 



මේ ලින්ක් එකට ගිහින් භාවිත කරලා බලන්න, තවත් විශේෂතා අඩුපාඩු තියනවනම් පහලින් කමෙන්ටුවකින් දැනුම් දෙන්න.



No comments:

Post a Comment

මේ පිලිබඳව ඔබේ අදහස්...