Thursday, March 31, 2011

ව'ර්ල්ඩ් කප් ෆයිනල් යන අපේ කොල්ලොන්ට සුභ පතන්න





අද නම් මම හඳුන්වලා දෙන්න යන්නෙ සොෆ්ට්වෙයා එකක් නෙවේ.


2011 ව'ර්ල්ඩ් කප් ෆයිනල් යන අපේ කොල්ලොන්ට සුභ පතන්න, මම කරපු පොඩි ආර්ට් ව'ර්ක් එකක් මේක.


හොඳයි නම් ඩවුන්ලෝඩ් කරගෙන වෝල්පේපර් එකට දාගන්න කියලා ඕන්න දැම්මා එහෙනම්. 



කැමති කෙනෙකුට ඩවුන්ලෝඩ් කරගන්න මම පහලින් ලින්ක්ස් දාලා තියනවා. 





හොඳ නරක ඇද කුද කියල යනවනම් හොඳයි.


අපේ සිංහ පැටව් ටිකට සුබ පතලා යන්න අමතක කරන්නත් එපා!

Sunday, March 27, 2011

Sinhala DeskCalendar Pro - ඩෙස්ක්ටොප් කැලැන්ඩර් එක



මම කලින් හදපු ඩෙස්ක්ටොප් කැලැන්ඩර් එක මතක ඇති ඩවුන්ලෝඩ් කරගත්ත කට්ටියට. මතක නැති කට්ටියට මෙතනින් බලන්න පුලුවන්. ඒකෙ අඩුපාඩු කියපු, හොඳ-නරක කියපු, ප්‍රසංසා කරපු හැමෝටම ස්තුතියි.

දැන් මම හඳුන්වලා දෙන්න යන්නෙ, වැඩි දියුණු කරල හැමෝටම වගේ ගොඩක් ප්‍රයෝජනවත් විදියට වෙනස් කරපු අලුත්ම සංස්කරණයක්.


මේ කැලැන්ඩර් එකේ තියන විශේෂත්වය කලින් ඩවුන්ලෝඩ් කරගෙන පාවිච්චි කරන කට්ටිය දැනටම දන්නවා ඇති. ඒ 2011 වසර පුරාවට තියන නිවාඩු (රජයේ, බැංකු, වෙළඳ) පෙන්නුම් කරන එක.
ඒ ඒ නිවාඩු වර්ගය 1 රූපයේ දක්වලා තියනවා. 


[රූපය විශාල කරන්න ඒ මත ක්ලික් කරන්න]




නිවාඩු රහිත සාමාන්‍ය සතියේ දිනයක් පෙන්නුම් කරන්නෙ මේ විදියට.


මීට අමතරව අලුතින් එක් කරල තියන විශේෂ 'සවිස්තරාත්මක' මෙනුව තමයි මේ පහලින් තියෙන්නෙ. අදාල දවස නිවාඩු දවසක් නම් ඒ නිවාඩුවේ වර්ගය සහ නිවාඩුව ගැන විස්තරයත් පෙන්නන නිසා තමයි 'සවිස්තරාත්මක' කියල කිව්වෙ. 
උදාහරණයක් විදියට 2011-05-18 වෙනිදා පෙන්නුම් කරනවා මේ විදියට.   






අවශ්‍ය නම් අපි කැමති දිනයක් ගැන විශේෂ සටහනක් දාගන්නත් පුලුවන්. මේ මෙනු එකේ පහලින්ම තියන 'NOTES' කියන box එකේ කැමති දෙයක් සටහන් කරන්න හැකියාව තියනවා. 




එහෙම විශේෂ සටහනක් සහිත දිනයක මේ 'Notes indicator' එක activate වෙලා තියනවා. 


අමතක නොවෙන විදියට දෙයක් ලියල තියන්න මේක පාවිච්චි කරන්න පුලුවන්.


ඊට අමතරව මේ About Box එකේ තියන Preferences කැමති ආකාරයට වෙනස් කරගන්න හැකියාව තියනවා.
හොඳ නම් ඩවුන්ලෝඩ් කරගෙන පාවිච්චි කරල බලන්න. අඩු-පාඩු, බග්ස් එහෙම තියනවනම් කියන්න. හොඳ දෙයක් කියල හිතෙනවනම් අදහස් කමෙන්ට් එකක් විදියට දාල යන්න.


මෙන්න මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න: