Sunday, June 19, 2011

Desk Calendar Pro : පොඩි පිලියමක්

කැලැන්ඩර් එක ඩෙස්ක්ටොප් එකේ අවශ්‍ය තැනක තියලා තිබුනට, කම්පියුටර් එක ආයෙත් ඔන් කරත්දි ඩෙස්ක්ටොප් එක මැදටම එනව කියලා ගොඩක් දෙනෙක් මට කිව්වා. මම දැන් කියන්න යන්නෙ මේකට පොඩි පිලියමක්. 

කරන්න තියෙන්නෙ මේකයි:
කැලැන්ඩර් එක ඩෙස්ක්ටොප් එකේ අපිට අවශ්‍ය තැනක තියලා, notification area එකේ තියන අයිකන් එක උඩ right-click කරන්න.
ඒ මෙනු එකේ 'Restart' කියන එක උඩ click කරන්න. 

එතකොට කැලැන්ඩර් එක restart වෙනවා. දැන් ආයෙත් කම්පියුටර් එක ඕන් කරත්දි කැලැන්ඩර් එක දැන් තියන තැනම display වෙනවා. මේක එකවතාවක් විතරක් කරාම හොඳටම ඇති. 
අලුතින් වෙනස් කම් කරන්න කාල වේලාවක් ලැබෙනකල් පොඩි විසදුමක් මේක.

හැමෝටම ජය! :)

Wednesday, June 15, 2011

අඩුපාඩු හදපු අලුත් ව'ෂන් එකක්



ඩෙස්ක්ටොප් කැලැන්ඩර් එකේ අඩුපාඩු හදපු අලුත් ව'ෂන් එකක්, කලින් ඩවුන්ලෝඩ් කරගත්ත අය මේ අලුත් එකත් පාවිච්චි කරල බලන්න.





පෝස්ට් එකක් දාන්න වෙලාවක් ලැබුන ගොඩක් කාලෙකින්. අඩු පාඩු හොඳ නරක කියල දිරි ගන්වන හැමෝටම බොහොම ස්තුතියි!!! :)

Thursday, March 31, 2011

ව'ර්ල්ඩ් කප් ෆයිනල් යන අපේ කොල්ලොන්ට සුභ පතන්න





අද නම් මම හඳුන්වලා දෙන්න යන්නෙ සොෆ්ට්වෙයා එකක් නෙවේ.


2011 ව'ර්ල්ඩ් කප් ෆයිනල් යන අපේ කොල්ලොන්ට සුභ පතන්න, මම කරපු පොඩි ආර්ට් ව'ර්ක් එකක් මේක.


හොඳයි නම් ඩවුන්ලෝඩ් කරගෙන වෝල්පේපර් එකට දාගන්න කියලා ඕන්න දැම්මා එහෙනම්. 



කැමති කෙනෙකුට ඩවුන්ලෝඩ් කරගන්න මම පහලින් ලින්ක්ස් දාලා තියනවා. 





හොඳ නරක ඇද කුද කියල යනවනම් හොඳයි.


අපේ සිංහ පැටව් ටිකට සුබ පතලා යන්න අමතක කරන්නත් එපා!

Sunday, March 27, 2011

Sinhala DeskCalendar Pro - ඩෙස්ක්ටොප් කැලැන්ඩර් එක



මම කලින් හදපු ඩෙස්ක්ටොප් කැලැන්ඩර් එක මතක ඇති ඩවුන්ලෝඩ් කරගත්ත කට්ටියට. මතක නැති කට්ටියට මෙතනින් බලන්න පුලුවන්. ඒකෙ අඩුපාඩු කියපු, හොඳ-නරක කියපු, ප්‍රසංසා කරපු හැමෝටම ස්තුතියි.

දැන් මම හඳුන්වලා දෙන්න යන්නෙ, වැඩි දියුණු කරල හැමෝටම වගේ ගොඩක් ප්‍රයෝජනවත් විදියට වෙනස් කරපු අලුත්ම සංස්කරණයක්.


මේ කැලැන්ඩර් එකේ තියන විශේෂත්වය කලින් ඩවුන්ලෝඩ් කරගෙන පාවිච්චි කරන කට්ටිය දැනටම දන්නවා ඇති. ඒ 2011 වසර පුරාවට තියන නිවාඩු (රජයේ, බැංකු, වෙළඳ) පෙන්නුම් කරන එක.
ඒ ඒ නිවාඩු වර්ගය 1 රූපයේ දක්වලා තියනවා. 


[රූපය විශාල කරන්න ඒ මත ක්ලික් කරන්න]




නිවාඩු රහිත සාමාන්‍ය සතියේ දිනයක් පෙන්නුම් කරන්නෙ මේ විදියට.


මීට අමතරව අලුතින් එක් කරල තියන විශේෂ 'සවිස්තරාත්මක' මෙනුව තමයි මේ පහලින් තියෙන්නෙ. අදාල දවස නිවාඩු දවසක් නම් ඒ නිවාඩුවේ වර්ගය සහ නිවාඩුව ගැන විස්තරයත් පෙන්නන නිසා තමයි 'සවිස්තරාත්මක' කියල කිව්වෙ. 
උදාහරණයක් විදියට 2011-05-18 වෙනිදා පෙන්නුම් කරනවා මේ විදියට.   






අවශ්‍ය නම් අපි කැමති දිනයක් ගැන විශේෂ සටහනක් දාගන්නත් පුලුවන්. මේ මෙනු එකේ පහලින්ම තියන 'NOTES' කියන box එකේ කැමති දෙයක් සටහන් කරන්න හැකියාව තියනවා. 




එහෙම විශේෂ සටහනක් සහිත දිනයක මේ 'Notes indicator' එක activate වෙලා තියනවා. 


අමතක නොවෙන විදියට දෙයක් ලියල තියන්න මේක පාවිච්චි කරන්න පුලුවන්.


ඊට අමතරව මේ About Box එකේ තියන Preferences කැමති ආකාරයට වෙනස් කරගන්න හැකියාව තියනවා.
හොඳ නම් ඩවුන්ලෝඩ් කරගෙන පාවිච්චි කරල බලන්න. අඩු-පාඩු, බග්ස් එහෙම තියනවනම් කියන්න. හොඳ දෙයක් කියල හිතෙනවනම් අදහස් කමෙන්ට් එකක් විදියට දාල යන්න.


මෙන්න මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න:

Wednesday, February 23, 2011

AlludeSofts Toolbar 1.2

AlludeSofts Toolbar 1.2
අද මම හඳුන්වලා දෙන්න යන්නෙ ටූල් බාර් එකක්. ඇපල් පරිගණකයක් පාවිච්චි කරල තියන අය දැකල ඇති ඒ මෙහෙයුම් පද්ධතියෙ එන, ලේසියෙන්ම අවශ්‍ය වැඩසටහනක් ධාවනය කරගන්න පුලුවන් ඇපල් ඩොක් (Apple Dock) එක. 


Apple Dock
මේ ඇපල් ඩොක් එකට අනුරූප වෙන විදියට තමයි මේ ටූල් බාර් එක හදලා තියෙන්නෙ. ඉතින් මේ වගේ ටූල් බාර් අවශ්‍ය තරම් අන්තර්ජාලය හරහා හොයාගන්න පුලුවන්. නමුත් මම හඳුන්වාදෙන එකේ විශේෂත්වය තමයි මේක ලාංකික නිපැයුමක් වීම. 
ජාවා පරිගණක භාෂාව භාවිත කරල මේක හැදුවෙ බුද්ධික රාජමන්ත්‍රි කියන මගෙ මිත්‍රයා.

අපට අවශ්‍ය විදියට ඩෙස්ක්ටොප් එක මත හැසිරවීමට, ස්කින්ස් වෙනස් කිරීමට වගේම තවත් විශේෂාංග කීපයක් ම මේ AlludeSofts Toolbar එකට අන්තර්ගත කරලා තියනවා. 

ඉතින් හොඳයි කියල හිතෙනවනම් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරල බලන්න. ඔබට මේ ගැන හිතෙන දේ කමෙන්ටුවක් විදියට සඳහන් කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් දේ කරන්න ඒ අදහස් පිටුවහල් වෙනවා.

මෙන්න මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.





Saturday, February 5, 2011

~~නිහඩ ලොව බිදින්න~~

අපේම සහෝදරයෙකුට අපි හැමෝගෙම උදව් අවශ්‍ය කරන වෙලාවක් මේ...

මිනිස් ජිවිතය හරිම පුදුමාකාරය, විටක සතුට දොරේ ගලා යයි, විටක දුක් කරදරනිමක් නෑතිව පෑමිනෙයි.මගේ ජිවිතයෙත් මම සතුටින් කාලය ගතකල කාලයක්තිබුනාහරිම සෑහෑල්ලුවෙන් මම ජීවිතය විදිමින් හිටියාඒත් කාලයා මගේ සතුටඋදුරාගෙන එවෙනුවට කදුළුවල ඝනකම මට තිලිණ කලාඅද මම මේ ලියන හෑමදේමමට සටහන් කරන්නට තිබුනේ මීට හුග කලකට කලින්මම මේ ගෑන සටහනතබන්නට සිතු සෑම මොහොතකම එය වෑලකී ගියා.
 එත් අද මේ සියල්ල පවසා ඔබේන් උපකාරයක් බලාපොරොත්තු වන තරමටමකාලයේ අදෘශ්යමාන හස්තයට මම නතුවෙලා.
 යමක් කමක් තේරෙන කාලයක ඉදලා මගේ තිබුන හිනය උනේ රුපවහිනිසංස්කාරක වරයෙක් වෙන්නමම හෙමින් හෙමින් විවිද කඩයිම් පසුකරමින් ජිවිතේඉදිරියට ගෙවාදමමින් සිටියා. අතර තුරදී මට ලංකාවෙ ප්රසිද්ද රෑපවාහීනිවැඩසටහන්  ආයතනයකින් මගේ සිහින රැකියාවට කැදවීමක් ලැබුණා... මම ඉතාමත්ආශාවෙන් රෑකියවෙ නිරතවෙමින් තවදුරටත් රුපවාහිනී මාධ් පිලිබදව ඉගෙනගත්තා. රුපවාහිනි අධ්යක්ෂනය,  නිශ්පාදනය පිලිබදවත් මට ඉගෙන්ගන්න ලෑබුනා..  වගේම රූපවාහීණී වැඩසටහන් සහාය අධ්යක්ෂණයටත් අවස්ථාවන් ලැබුනා.නමුත්  තනතුර හොබවන්නට මට අවස්ථාව ලැබුනේ එකම එක ඒකාන්ගික ටෙලිනාට්යයක පමණයි.. මේ කාලයෙදි තමයි මගේ ජිවිතේ සතුටින්ම ගතකරපු කාලය,ඒත්  සතුට පෑවතුනේ ඉතාම කෙටි කාලයක් පමනයි ... මේ කාලය තමයි මගේජිවිතේටකනකොකා හඩන්න පටන් ගත්තේ.. මම දෑක්ක හෑම හීනයක්ම මගේඉදිරියේදීම බොදවෙලා සේදිලා ගියා.
හිටි හැටියෙම මගේ එක කනක ශ්රවනය දුර්වල උනා එක්කම ටික දවසකින් එයසම්පුර්නයෙන්ම නෑසීගියාඑවගේම අනිත් කනෙත් ශ්රවනය දුර්වල වෙන්න පටන්ගත්තාපළමු කනේ ශ්රවනය දුර්වල වෙන්න පටන් ගත් මොහොතේ සිටම අදදක්වාම වෛද් ප්රතිකාර සදහා යොමු උනානමුත් අවාසනාවට මගේ කන්දෙකේම ශ්රවණතත්වය පහල  යාම නතරකරගන්නට බෑරි උනාසියල්ල මෙසේවෙද්දි මාස තුනක කාලයක් සදහා මට ශ්රවණාධාරකයක් බාවිතා කිරීමෙන් පිහිටක්ලබා ගත්තානමුත් තව තවත් මගේ කනට සම්බන්ධ ස්නයු දුර්වල වුනාමගේඈසෙමින් තිබු එකම කනත් නෑසී ගියා(බිහිරිඋනා). මෙ සියල්ල සිදුවී දෑන් වසරඑකහමාරක ටත් වඩා කාලයක් මම බිහිරි බව විදිමින් සිටිනවාමේකාලය තුල මමජිවිතේ දී වින්ද වේදනාව කියා නිම කරන්නට මට පුලුවන් කමක් නෑ.. . ගොඩක්වෙලාවට මගේ බ්ලොග් එකේ මම මගේ දුක කවි ලෙසින් පිට කලා.
මම කෙමෙන් කෙමෙන්න සමාජ ගතවිම අත්හරිනු ලෑබුවාගෙදර අය පවා යමක් මටපෑවසීමට ඈත්නම් කොලකෑලිවල ලියා දෙමින් අදටත් ..මා සමග සංනිවේදනයගොඩනෑගිමට මහත්වු ප්රයත්නයක් දරමින් සිටිනවා.මම ගෙවාදෑමු මුසල කාලයපුරාවටම මම මගේ යහලුවන් ගෙදර අය සහ බොහෝ දෙනා සමග අදහස් හුවමරුකලේ කොල කෑලිවල ලියමින්වෛද් වරුන්ගේ මතය වී ඈත්තේ තවත්අනපේක්ෂිත කාලයකින් මගේ කතා කිරිමත් නෑතිවනු ඈතිබවයි.
ජාතික රොහලේ උගුර කන නාසය පිලිබද ප්රධාන විශේෂඥ වෛද් ශාන්ත පෙරේරායටතේ සෑත්කමක් කල අතර එයිනුත් කිසිම ප්රතිඵලයක් සිදුවුනේ නෑ ... නමුත් දෑන්මාහට ශ්රවනය නෑවත ලබා ගෑනීමටනම් කර්නශන්ඛ බද්යක් කලයුතු බව වෛද්නිගමනයයිඒසදහා අවශ් කරන උපකරනය ගෙන්වා ගෑනීම සදහා යන වියදම වුරුපියල් ලක්ශ 30(මිලියන 3) ක්වු විශාල වියදම මටවත් මගේ පවුලේ කිසිවෙකුටවත්දෑරිය නොහෑකි මුදලක්...
මගේ නෑදයනුත් මම මෙතෙක් කල් හම්බ කල මිතුරනුත් ඔවුනට හැකි ලෙසින් උදවුකිරීමට ඉදිරිපත් වෙමින් සිටිනවාජනාධිපති අරමුදලෙනුත් මුදලක්බලාපොරොත්තුවෙන් සිටින අතර මා සමග මගේ ඉලන්දාරියාබ්ලොග් අඩවියසමගින් මා හා ඒකාත්මික වු වර්චවල් මිතුරන්ගෙනුත් හැකි උපකාරයක්බලාපොරොත්තුවෙන් මාගේ මේ සටහන තැබීමට සිතීමීමා මෙවැනි සටහනක්තැබීමට කිසි දිනකත් නොසිතුවෙමි නොපැතුවෙමිනමුත් මිනිසුන් අසරන වන්නේනොපැතූ නොසීතු අවස්ථාවන් වලදීයමාගේ බ්ලොග් අඩවිය තුලින් මා ගොඩක්හිතෛහී මිතුරන් හදුනා ගත්තාවර්චුවල් අවකාශයෙන් තොර අවංක බැදීම් ඇති කරගත්තා. සමහරුන් මා රෝහල් ගත වී සිටි කාලයේ මාගේ සුවදුක් විමසීමට පැමිණියා.වචනවලින් උවත් බ්ලොග් මිතුරන් මාව සෑහෙන දිරිමත් කලාඔවුනට අනේකවාරයක් ස්තූති වර්වුල් මිතුරු කමවත් මට නොපැවතුනානම් මගේ ජීවිතය කිසිදුශබ්දයක් නොමැති කලු වර කාමරයක තනිවුනා හා සමානයි මට වරෙක සිතෙයි.
ඉතින් මිතුරනේ මා හා ලැබැදිව සිටි ඔබගෙන් මා මේ උපකාරයක් බලාපොරොත්තුවන වෙලාවයිඔබට හැකියාවක් ඇතිනම් මට මගේ ආබාධය සුව කර ගැනීමට අත්වැලක් වෙන්න ඔබට අනේක වාරයක් ස්තුතියිමේ සමග මගේ රෝගය හා සම්බන්ධ ලිපිද ඉදිරිපත් කරමි 
ස්තුතියි!.
විමසිම්
0772332071 
0718050116
facebook : 

D.M.D.T.B. දිසානායක
බෑංකු ගිනුම් අංක 71408612 
(ලංකා බෑංකුව මාතලේ )







Sunday, January 30, 2011

Google සිංග්ලිශ්-සිංහල එසැනින් පරිවර්තකය

අපි හැමෝම වගේ මුණ දෙන ගැටලුවක් තමයි නිවැරදිව වගේම වේගයෙන් සිංහල යතුරු ලියනය කරන්න බැරි වීම. මේකට පිලියමක් විදියට තමයි ශ්‍රී ලංකාවෙ කොලඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයන අංශය  'යුනිකෝඩ් එසැනින් පරිවර්තකය'  හදලා තියෙන්නේ. මේ එසැනින් පරිවර්තකය ගැන නම් අද නොදන්න කෙනෙක් නැති තරම්. ඒක නිසා ඒ ගැන කියනවා වෙනුවට මම කියන්න යන්නෙ අපි හැමෝම දන්න ගූග්ල් සමාගම මේ සඳහා හදපු සිංග්ලිශ්-සිංහල එසැනින් පරිවර්තකය ගැන.


පහලින් දක්වලා තියෙන්නෙ අපිට දකින්න ලැබෙන අතුරු මුහුණත.
කොලඹ විශ්ව විද්‍යාලයේ 'යුනිකෝඩ් එසැනින් පරිවර්තකය'  සමග සංසන්දනය කරත්දී මේ පරිවර්තකයේ විශේෂ ලක්ෂණ කීපයක් තියනවා. 


[රූපය විශාල කරගන්න ඒ මත ක්ලික් කරන්න.]

මෙම රූපයේ 1 මගින් දක්වලා තියෙන්නේ අපිට යතුරු ලියනය කරන්න දීලා තියෙන ප්‍රදේශය. අංක 2 මගින් දක්වල තියෙන්නේ Formatting Toolbar එක.
මෙහි යතුරු ලියනය කරත්දි අපි සැලකිලිමත් විය යුතු දෙයක් තියනවා. ඒ අපි යම්කිසි සිංග්ලිශ් වචනයක සිංහල පරිවර්තනය ලබා ගන්න ඒ අදාල සිංග්ලිශ් වචනය සම්පූර්ණයෙන්ම යතුරුලියනය කරන්න අවශ්‍ය වීම. ඒ කියන්නේ මෙහි සිංග්ලිශ්-සිංහල පරිවර්තනය සිද්ධ වෙන්නෙ වචනයෙන් වචනයටයි.
උදාහරණයක් විදියට 'ammaa' කියන වචනයේ සිංහල පරිවර්තනය 'අම්මා' ලෙසම ලබා ගන්න, 'ammaa' සම්පූර්ණයෙන්ම යතුරුලියනය කිරීම අවශ්‍ය වෙනවා.
යම් වචනයක් සිංග්ලිශ් වලින් යතුරුලියනය කරලා අපේ යතුරු පුවරුවේ 'Space bar' එක තද කල සැනින්ම එම වචනයේ සිංහල පරිවර්තනය ලැබෙනවා. 


යම් විදියකට එසේ ලැබුනේ අපි බලාපොරොත්තු වුන පරිවර්තනයම නොවෙයි නම්, 'Backspace key' එක තද කල සැනින්ම අදාල වචනයට තියෙන්න පුලුවන් අනෙකුත් පරිවර්තන ලැයිස්තු ගත කරල පෙන්නන එක මෙහි තියෙන තවත් වැදගත් ලක්ෂණයක්. 
ඒ ලැයිස්තුවෙන් අවශ්‍ය වචනය තෝරා ක්ලික් කිරීම මගින් නිවැරදි පරිවර්තනය ලබාගන්න පුලුවන්.


මීට අමතරව පළමු රූපයේ 2 මගින් දක්වලා තියන එක යතුරුලියනය කරන වචන අපට කැමති ආකාරයකට සකසා ගැනීමට ගොඩක් පහසුකම් සලසනවා. 

කොහොම වුනත් මෙහි ප්‍රධානම අඩුපාඩුවක් තියනවා, ඒ ගූග්ල් එසැනින් පරිවර්තකය භාවිත කරන්න නම් අනිවාර්යයෙන්ම අන්තර්ජාලය සමග සම්බන්ධ වී ඉන්න අවශ්‍ය වීම. ඒ කියන්නෙ මේක Offline භාවිත කරන්න හැකියාවක් නෑ. නමුත් කොලඹ විශ්ව විද්‍යාලයේ 'යුනිකෝඩ් එසැනින් පරිවර්තකය' අපිට අවශ්‍ය නම් Offline වුනත් භාවිත කරන්න පුලුවන්. 



මේ ලින්ක් එකට ගිහින් භාවිත කරලා බලන්න, තවත් විශේෂතා අඩුපාඩු තියනවනම් පහලින් කමෙන්ටුවකින් දැනුම් දෙන්න.



Thursday, January 27, 2011

සිංහල Desk Calendar Extended



මේක තමයි මේ බ්ලොග් අඩවියේ පලමුවෙන්ම හඳුන්වාදෙන ලාංකික මෘදුකාංගය. මම කලින් හදපු "Sinhala Desk Calendar 2011" කියන එකේම Extended version එකක් තමයි මේ. 
මේ මෘදුකාංගය මූලික ක්‍රියාව දිනය, සතියේ දවස හා මාසය පෙන්නුම් කරන එක. හැබැයි විශේෂත්වයක් තියනවා. ඒ හැම දෙයක්ම සිංහලෙන් තමයි පෙන්නුම් කරන්නේ. මේ සදහා අපේ පරිගණකයේ අනිවාර්යයෙන්ම 'සිංහල යුනිකේත' පහසුකම ඉන්ස්ටෝල් කරගෙන තියෙන්න අවශ්‍ය වෙනවා. මෙම මෘදුකාංගයේ තියන අනිත් සුවිශේෂ ම ලක්ෂණය තමයි, 2011 වසර පුරාවට ඇති නිවාඩු පෙන්නුම් කිරීම. මෙම ලක්ෂණය වෙනත් කිසිම ඩෙස්ක්ටොප් කැලැන්ඩරයක නැති එකක්. 

ඒ ඒ නිවාඩුව දර්ශණය වෙන්නේ සුවිශේෂ ක්‍රමයකට අනුවයි. ඒ පිලිබඳව විස්තරයක් පහතින් තියනවා.


1. සාමාන්‍ය සතියේ දිනයක්
2. බැංකු නිවාඩු දිනයක්
3. රජයේ හා බැංකු නිවාඩු දිනයක්
4. රජයේ බැංකු හා වෙළඳ නිවාඩු දිනයක්
5. පෝය නිවාඩු දිනයක්

6 වෙනි රූපයේ තියන notification area මෙනු එකේ තියන 'Always On Top' කියන option එක click කරල අවශ්‍ය නම් කැලැන්ඩර් එක 'Always on top' කර ගන්න පුලුවන්.

About Dialog box එකේ තියන Preferences කියන tab එකේ preview එක 7 වෙනි රූපයේ පෙන්නුම් කරනවා.
Preferences වල තියන ඒ ඒ options තමාගෙ කැමැත්ත අනුව වෙනස් කර ගන්න පුලුවන්.

8 වෙනි රූපයේ රතු පාටින් පෙන්නල තියන area එක ඇතුලත mouse එක click කරන ගමන් Calendar එක කැමති තැනකට ඩ්‍රැග් කරන් යන්න පුලුවන්.

මේ ව'ෂන් එකට මම setup file එකක් release කරේ නෑ installation issues නැති කරන්න.
පහල ලින්ක් එකේ තියන zip file එක ඩවුන්ලෝඩ් කරගෙන ඒකේ තියන "Calendar.exe" කියන file එක තමන්ට කැමති තැනක තියලා run කරන්න පුලුවන්.
අවශ්‍ය නම් ඩෙස්ක්ටොප් එකට shortcut එකක් දාගන්න පුලුවන්.

ප්‍රෝග්‍රෑම් එකේ features සරලව විස්තර කරන්න මම උත්සහ කරා. Use කරද්දි ගැටලු ආවොත් කියන්න.

හොදයි කියල හිතෙනවනම් ඩවුන්ලෝඩ් කරල use කරල බලන්න. 
තවත් එකතු වෙන්න ඕනි කියල හිතෙන දේවල් තියනවනම් කියන්න. කමෙන්ට් එකක් දාල යනවනම් හොදයි හොද නරක කියල. 
මම ටෙස්ට් කරේ Windows XP වල විතරයි. Vista/7 වල ප්‍රශ්ණ ආවොත් කියන්න.
ප්‍රෝග්‍රෑම් එකේ bugs තියනවනම් කියන්න.

මෙන්න 
ඩවුන්ලෝඩ්  ලින්ක් එක: