Wednesday, February 23, 2011

AlludeSofts Toolbar 1.2

AlludeSofts Toolbar 1.2
අද මම හඳුන්වලා දෙන්න යන්නෙ ටූල් බාර් එකක්. ඇපල් පරිගණකයක් පාවිච්චි කරල තියන අය දැකල ඇති ඒ මෙහෙයුම් පද්ධතියෙ එන, ලේසියෙන්ම අවශ්‍ය වැඩසටහනක් ධාවනය කරගන්න පුලුවන් ඇපල් ඩොක් (Apple Dock) එක. 


Apple Dock
මේ ඇපල් ඩොක් එකට අනුරූප වෙන විදියට තමයි මේ ටූල් බාර් එක හදලා තියෙන්නෙ. ඉතින් මේ වගේ ටූල් බාර් අවශ්‍ය තරම් අන්තර්ජාලය හරහා හොයාගන්න පුලුවන්. නමුත් මම හඳුන්වාදෙන එකේ විශේෂත්වය තමයි මේක ලාංකික නිපැයුමක් වීම. 
ජාවා පරිගණක භාෂාව භාවිත කරල මේක හැදුවෙ බුද්ධික රාජමන්ත්‍රි කියන මගෙ මිත්‍රයා.

අපට අවශ්‍ය විදියට ඩෙස්ක්ටොප් එක මත හැසිරවීමට, ස්කින්ස් වෙනස් කිරීමට වගේම තවත් විශේෂාංග කීපයක් ම මේ AlludeSofts Toolbar එකට අන්තර්ගත කරලා තියනවා. 

ඉතින් හොඳයි කියල හිතෙනවනම් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරල බලන්න. ඔබට මේ ගැන හිතෙන දේ කමෙන්ටුවක් විදියට සඳහන් කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් දේ කරන්න ඒ අදහස් පිටුවහල් වෙනවා.

මෙන්න මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.





2 comments:

  1. අගය කල යුතු වැඩක් ,දිගටම කරගෙන යන්න..

    ReplyDelete
  2. @Nadeera sandaruwan
    ස්තුතියි දිරි ගැන්වීමට.

    ReplyDelete

මේ පිලිබඳව ඔබේ අදහස්...