Thursday, January 27, 2011

සිංහල Desk Calendar Extended



මේක තමයි මේ බ්ලොග් අඩවියේ පලමුවෙන්ම හඳුන්වාදෙන ලාංකික මෘදුකාංගය. මම කලින් හදපු "Sinhala Desk Calendar 2011" කියන එකේම Extended version එකක් තමයි මේ. 
මේ මෘදුකාංගය මූලික ක්‍රියාව දිනය, සතියේ දවස හා මාසය පෙන්නුම් කරන එක. හැබැයි විශේෂත්වයක් තියනවා. ඒ හැම දෙයක්ම සිංහලෙන් තමයි පෙන්නුම් කරන්නේ. මේ සදහා අපේ පරිගණකයේ අනිවාර්යයෙන්ම 'සිංහල යුනිකේත' පහසුකම ඉන්ස්ටෝල් කරගෙන තියෙන්න අවශ්‍ය වෙනවා. මෙම මෘදුකාංගයේ තියන අනිත් සුවිශේෂ ම ලක්ෂණය තමයි, 2011 වසර පුරාවට ඇති නිවාඩු පෙන්නුම් කිරීම. මෙම ලක්ෂණය වෙනත් කිසිම ඩෙස්ක්ටොප් කැලැන්ඩරයක නැති එකක්. 

ඒ ඒ නිවාඩුව දර්ශණය වෙන්නේ සුවිශේෂ ක්‍රමයකට අනුවයි. ඒ පිලිබඳව විස්තරයක් පහතින් තියනවා.


1. සාමාන්‍ය සතියේ දිනයක්
2. බැංකු නිවාඩු දිනයක්
3. රජයේ හා බැංකු නිවාඩු දිනයක්
4. රජයේ බැංකු හා වෙළඳ නිවාඩු දිනයක්
5. පෝය නිවාඩු දිනයක්

6 වෙනි රූපයේ තියන notification area මෙනු එකේ තියන 'Always On Top' කියන option එක click කරල අවශ්‍ය නම් කැලැන්ඩර් එක 'Always on top' කර ගන්න පුලුවන්.

About Dialog box එකේ තියන Preferences කියන tab එකේ preview එක 7 වෙනි රූපයේ පෙන්නුම් කරනවා.
Preferences වල තියන ඒ ඒ options තමාගෙ කැමැත්ත අනුව වෙනස් කර ගන්න පුලුවන්.

8 වෙනි රූපයේ රතු පාටින් පෙන්නල තියන area එක ඇතුලත mouse එක click කරන ගමන් Calendar එක කැමති තැනකට ඩ්‍රැග් කරන් යන්න පුලුවන්.

මේ ව'ෂන් එකට මම setup file එකක් release කරේ නෑ installation issues නැති කරන්න.
පහල ලින්ක් එකේ තියන zip file එක ඩවුන්ලෝඩ් කරගෙන ඒකේ තියන "Calendar.exe" කියන file එක තමන්ට කැමති තැනක තියලා run කරන්න පුලුවන්.
අවශ්‍ය නම් ඩෙස්ක්ටොප් එකට shortcut එකක් දාගන්න පුලුවන්.

ප්‍රෝග්‍රෑම් එකේ features සරලව විස්තර කරන්න මම උත්සහ කරා. Use කරද්දි ගැටලු ආවොත් කියන්න.

හොදයි කියල හිතෙනවනම් ඩවුන්ලෝඩ් කරල use කරල බලන්න. 
තවත් එකතු වෙන්න ඕනි කියල හිතෙන දේවල් තියනවනම් කියන්න. කමෙන්ට් එකක් දාල යනවනම් හොදයි හොද නරක කියල. 
මම ටෙස්ට් කරේ Windows XP වල විතරයි. Vista/7 වල ප්‍රශ්ණ ආවොත් කියන්න.
ප්‍රෝග්‍රෑම් එකේ bugs තියනවනම් කියන්න.

මෙන්න 
ඩවුන්ලෝඩ්  ලින්ක් එක:




15 comments:

  1. නියමයි.
    හැබැයි සිංහල අකුරු ෙපන්නන්ෙන නෑ
    ඇයි ඒ ??

    ReplyDelete
  2. @Anonymous:
    සිංහල යුනිකෝඩ් ඉන්ස්ටෝල් කරගෙනද ඉන්නෙ? නැත්නම් උඩ දීල තියන ලින්ක් එකට ගිහින් ඉන්ස්ටෝල් කරගන්න.

    ඒත් පෙන්නෙ නැත්නම් machine එක restart හරි logoff හරි කරල බලන්න.

    බොහොම ස්තුතියි කමෙන්ටුවට.

    ReplyDelete
  3. එල මචන් එල... හොඳ වැඩක්... දිගටම ලියන්න. ඔබට ජය!!!

    ReplyDelete
  4. යුනිෙකා්ඩ් දාල තිෙයන්ෙන
    අදටත් අකුුරු ෙප්න්ෙන නෑ

    ReplyDelete
  5. @Anonymous:
    Operating System එක මොකක්ද? Windows Xpද Vistaද 7ද කියල කියන්න. ගොඩක් අය කියනව හොඳට වැඩ කරනව කියල. error messages මුකුත් එනවද ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් වෙත්දි?
    මේ විස්තර ටික කියන්න. මම චෙක් කරල බලල කියන්නම්.
    ස්තුතියි.

    ReplyDelete
  6. @-HacKrisH- | හැක්ක්‍රිෂ්:
    බොහොම ස්තුතියි මචන්!!!

    ReplyDelete
  7. @රත්ගමයා:
    එල එල රත්ගමයෝ.. ස්තුතියි

    ReplyDelete
  8. දැන් බාන්න දෙන්නේ නෑ වගෙනේ...
    පොඩ්ඩක් චෙක්කරලා බලන්නකෝ...
    මෙන්න මේ එරර් මැසේජ් එක එනවා....
    "This file is currently set to private.

    When a file is set to private by its owner only the owner of the file can access it. If you are the owner of the file please log into your account to access this file.

    ReplyDelete
  9. @Anonymous:
    ස්තුතියි. දැන් බාන්න පුලුවන්.

    ReplyDelete
  10. නියම වැඩක් හොඳට වැඩ කරනවා :) පුලුවන්නම් වින්ඩොස් ගැජට් එකක් විදියට හදන්න බලන්න.

    ReplyDelete
  11. @Aditha Jayasuriya:
    බොහොම ස්තුතියි.
    වින්ඩෝස් ගැජට් එකක් විදිහට ඉදිරියට හදන්න බලාපොරොත්තුවක් තියනවා.

    ReplyDelete
  12. yes.. great work.. if can try to add note area...

    ReplyDelete
  13. තවත් සිංහල මෘදුකාංග සදහා => http://sandriesoft.blogspot.com

    ReplyDelete

මේ පිලිබඳව ඔබේ අදහස්...