Sunday, January 30, 2011

Google සිංග්ලිශ්-සිංහල එසැනින් පරිවර්තකය

අපි හැමෝම වගේ මුණ දෙන ගැටලුවක් තමයි නිවැරදිව වගේම වේගයෙන් සිංහල යතුරු ලියනය කරන්න බැරි වීම. මේකට පිලියමක් විදියට තමයි ශ්‍රී ලංකාවෙ කොලඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයන අංශය  'යුනිකෝඩ් එසැනින් පරිවර්තකය'  හදලා තියෙන්නේ. මේ එසැනින් පරිවර්තකය ගැන නම් අද නොදන්න කෙනෙක් නැති තරම්. ඒක නිසා ඒ ගැන කියනවා වෙනුවට මම කියන්න යන්නෙ අපි හැමෝම දන්න ගූග්ල් සමාගම මේ සඳහා හදපු සිංග්ලිශ්-සිංහල එසැනින් පරිවර්තකය ගැන.


පහලින් දක්වලා තියෙන්නෙ අපිට දකින්න ලැබෙන අතුරු මුහුණත.
කොලඹ විශ්ව විද්‍යාලයේ 'යුනිකෝඩ් එසැනින් පරිවර්තකය'  සමග සංසන්දනය කරත්දී මේ පරිවර්තකයේ විශේෂ ලක්ෂණ කීපයක් තියනවා. 


[රූපය විශාල කරගන්න ඒ මත ක්ලික් කරන්න.]

මෙම රූපයේ 1 මගින් දක්වලා තියෙන්නේ අපිට යතුරු ලියනය කරන්න දීලා තියෙන ප්‍රදේශය. අංක 2 මගින් දක්වල තියෙන්නේ Formatting Toolbar එක.
මෙහි යතුරු ලියනය කරත්දි අපි සැලකිලිමත් විය යුතු දෙයක් තියනවා. ඒ අපි යම්කිසි සිංග්ලිශ් වචනයක සිංහල පරිවර්තනය ලබා ගන්න ඒ අදාල සිංග්ලිශ් වචනය සම්පූර්ණයෙන්ම යතුරුලියනය කරන්න අවශ්‍ය වීම. ඒ කියන්නේ මෙහි සිංග්ලිශ්-සිංහල පරිවර්තනය සිද්ධ වෙන්නෙ වචනයෙන් වචනයටයි.
උදාහරණයක් විදියට 'ammaa' කියන වචනයේ සිංහල පරිවර්තනය 'අම්මා' ලෙසම ලබා ගන්න, 'ammaa' සම්පූර්ණයෙන්ම යතුරුලියනය කිරීම අවශ්‍ය වෙනවා.
යම් වචනයක් සිංග්ලිශ් වලින් යතුරුලියනය කරලා අපේ යතුරු පුවරුවේ 'Space bar' එක තද කල සැනින්ම එම වචනයේ සිංහල පරිවර්තනය ලැබෙනවා. 


යම් විදියකට එසේ ලැබුනේ අපි බලාපොරොත්තු වුන පරිවර්තනයම නොවෙයි නම්, 'Backspace key' එක තද කල සැනින්ම අදාල වචනයට තියෙන්න පුලුවන් අනෙකුත් පරිවර්තන ලැයිස්තු ගත කරල පෙන්නන එක මෙහි තියෙන තවත් වැදගත් ලක්ෂණයක්. 
ඒ ලැයිස්තුවෙන් අවශ්‍ය වචනය තෝරා ක්ලික් කිරීම මගින් නිවැරදි පරිවර්තනය ලබාගන්න පුලුවන්.


මීට අමතරව පළමු රූපයේ 2 මගින් දක්වලා තියන එක යතුරුලියනය කරන වචන අපට කැමති ආකාරයකට සකසා ගැනීමට ගොඩක් පහසුකම් සලසනවා. 

කොහොම වුනත් මෙහි ප්‍රධානම අඩුපාඩුවක් තියනවා, ඒ ගූග්ල් එසැනින් පරිවර්තකය භාවිත කරන්න නම් අනිවාර්යයෙන්ම අන්තර්ජාලය සමග සම්බන්ධ වී ඉන්න අවශ්‍ය වීම. ඒ කියන්නෙ මේක Offline භාවිත කරන්න හැකියාවක් නෑ. නමුත් කොලඹ විශ්ව විද්‍යාලයේ 'යුනිකෝඩ් එසැනින් පරිවර්තකය' අපිට අවශ්‍ය නම් Offline වුනත් භාවිත කරන්න පුලුවන්. 



මේ ලින්ක් එකට ගිහින් භාවිත කරලා බලන්න, තවත් විශේෂතා අඩුපාඩු තියනවනම් පහලින් කමෙන්ටුවකින් දැනුම් දෙන්න.



Thursday, January 27, 2011

සිංහල Desk Calendar Extended



මේක තමයි මේ බ්ලොග් අඩවියේ පලමුවෙන්ම හඳුන්වාදෙන ලාංකික මෘදුකාංගය. මම කලින් හදපු "Sinhala Desk Calendar 2011" කියන එකේම Extended version එකක් තමයි මේ. 
මේ මෘදුකාංගය මූලික ක්‍රියාව දිනය, සතියේ දවස හා මාසය පෙන්නුම් කරන එක. හැබැයි විශේෂත්වයක් තියනවා. ඒ හැම දෙයක්ම සිංහලෙන් තමයි පෙන්නුම් කරන්නේ. මේ සදහා අපේ පරිගණකයේ අනිවාර්යයෙන්ම 'සිංහල යුනිකේත' පහසුකම ඉන්ස්ටෝල් කරගෙන තියෙන්න අවශ්‍ය වෙනවා. මෙම මෘදුකාංගයේ තියන අනිත් සුවිශේෂ ම ලක්ෂණය තමයි, 2011 වසර පුරාවට ඇති නිවාඩු පෙන්නුම් කිරීම. මෙම ලක්ෂණය වෙනත් කිසිම ඩෙස්ක්ටොප් කැලැන්ඩරයක නැති එකක්. 

ඒ ඒ නිවාඩුව දර්ශණය වෙන්නේ සුවිශේෂ ක්‍රමයකට අනුවයි. ඒ පිලිබඳව විස්තරයක් පහතින් තියනවා.


1. සාමාන්‍ය සතියේ දිනයක්
2. බැංකු නිවාඩු දිනයක්
3. රජයේ හා බැංකු නිවාඩු දිනයක්
4. රජයේ බැංකු හා වෙළඳ නිවාඩු දිනයක්
5. පෝය නිවාඩු දිනයක්

6 වෙනි රූපයේ තියන notification area මෙනු එකේ තියන 'Always On Top' කියන option එක click කරල අවශ්‍ය නම් කැලැන්ඩර් එක 'Always on top' කර ගන්න පුලුවන්.

About Dialog box එකේ තියන Preferences කියන tab එකේ preview එක 7 වෙනි රූපයේ පෙන්නුම් කරනවා.
Preferences වල තියන ඒ ඒ options තමාගෙ කැමැත්ත අනුව වෙනස් කර ගන්න පුලුවන්.

8 වෙනි රූපයේ රතු පාටින් පෙන්නල තියන area එක ඇතුලත mouse එක click කරන ගමන් Calendar එක කැමති තැනකට ඩ්‍රැග් කරන් යන්න පුලුවන්.

මේ ව'ෂන් එකට මම setup file එකක් release කරේ නෑ installation issues නැති කරන්න.
පහල ලින්ක් එකේ තියන zip file එක ඩවුන්ලෝඩ් කරගෙන ඒකේ තියන "Calendar.exe" කියන file එක තමන්ට කැමති තැනක තියලා run කරන්න පුලුවන්.
අවශ්‍ය නම් ඩෙස්ක්ටොප් එකට shortcut එකක් දාගන්න පුලුවන්.

ප්‍රෝග්‍රෑම් එකේ features සරලව විස්තර කරන්න මම උත්සහ කරා. Use කරද්දි ගැටලු ආවොත් කියන්න.

හොදයි කියල හිතෙනවනම් ඩවුන්ලෝඩ් කරල use කරල බලන්න. 
තවත් එකතු වෙන්න ඕනි කියල හිතෙන දේවල් තියනවනම් කියන්න. කමෙන්ට් එකක් දාල යනවනම් හොදයි හොද නරක කියල. 
මම ටෙස්ට් කරේ Windows XP වල විතරයි. Vista/7 වල ප්‍රශ්ණ ආවොත් කියන්න.
ප්‍රෝග්‍රෑම් එකේ bugs තියනවනම් කියන්න.

මෙන්න 
ඩවුන්ලෝඩ්  ලින්ක් එක: